Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2019 11:33:58 Hours

දින තුනක් පුරා පැවති යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකක බොක්සිං ශුරතාවලිය සාර්ථකව නිමාවට

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අන්තර් ඒකක බොක්සින් ශුරතාවය ජනවාරි මස 5 සිට 7 දක්වා දින තුනක් පුරා දඹුල්ල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වුහ.

මෙම තරගාවලියේ අවසන් මහ තරඟයේ ශූරතාවය 3 වන යාන්ත්‍රික පාබල රෙජිමෙන්තු බොක්සිං ක්‍රිඩකයින් දිනාගත් අතර, 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කණ්ඩායමට අනුශුරත්වය හිමිවිය.

4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එච්.එම්.අයි සිරිවර්ධන හොදම බොක්සිං ක්‍රිඩකයා බවට පත්වූ අතර, 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ඩබ්.ඒ.යු ධර්මසිරි හොඳම පරාජිතයාට හිමි සම්මානය ලබාගත්හ.

මෙහි ත්‍යග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩ බලන මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිතන් කර්නල් කේ.කේ.ඒස් පැරකුම් සහභාගි විය.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මෙන්ම ජනමාධ්‍ය අධ්‍යක‍්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් අනුව මෙම තරඟාවලිය සංවිධානය කෙරිනි. මෙම තරඟාවලිය වැඩ බලන මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධික්ෂණය යටතේ සිදු වු අතර 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරී ගේ සම්බන්ධීකරණය හා අධික්ෂණය යටතේ පැවැත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි වැඩ බලන මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් අවසන් තරඟයේ ජයග්‍රහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රධානය කරන ලදි.

මෙම වැඩසටහනේ මුලික අරමුණ වනුයේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බොක්සිං කණ්ඩායම සඳහා වඩාත් සුදුසු සහ දක්ෂ ක්‍රිඩකයින් තෝරාගැනීමත් නිලධාරීන්ගේ සහ සෙසු නිළයින්ගේ සංවිධානාත්මක කුසලතා හා නායකත්ව ගුණාංග වැඩි දියුණු කිරිමයි.Sport media | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!