Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2019 16:21:39 Hours

යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත් කිරීමේ නිදර්ශණයක් නරඹති

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ වව්නියාව බූ ඔය පිහිටා ඇති ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරිමේ වත්මන් වැඩපිළිවෙල පිළිබඳව පැවති නිදර්ශණයක් නැරඹීම සඳහා සිකුරාදා (4) දින යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් දෙදෙනෙකු වන ගරු Charles Van Orden සහ William Legge, Earl of Dartmouth ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාව අතරතුර දී සහභාගිවුහ.

මෙහිදි බිම් බෝම්බ හදුනාගැනිමේ ක්‍රියාවලිය සඳහා සුනඛයින් යොදවන අයුරු සහ බිම් බෝම්බ වළලා ඇති භූමි පරිශ්‍රයන් තුළ හමුදා සාමාජිකයින් විසින් එවා ඉවත් කරන අයුරු පිළිබඳව මෙම නිදර්ශනයන් ඉදිරිපත් කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු බලසේනා මූලස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ. එන්. අමරසේකර සහ කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂ එම්. එල්. ඒ. මාෆූසා මහත්මියද සහභාගි වූහ.

2020 වසර වන විට ශ්‍රි ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරිමට ශ්‍රී ලංකා ඉංජිනේරු බලසේනාව විසින් සිදුකරමින් පවතින බිමි බෝම්බ ඉවත් කිරිමේ වැඩ පිළිවෙල යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පැසසුමට ලක්වූ අතර, මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.Sport media | Mens Flynit Trainers