Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2019 16:29:35 Hours

ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා ජංගම වෛද්‍ය සායනයක්

කිලිනොච්චිය ප්‍රදේශයේ ගංවතුරට ගොදුරු වු සිවිල් වැසියන් හට අවශ්‍ය සෞඛ්‍ය රැකවරණය සැලසීම වෙනුවෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ඉල්ලීමකට අනුව සිය නිවාඩුව ගත කිරිම සඳහා මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික වෛද්‍ය වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව සෙනසුරාදා (5) දින ජංගම වෛද්‍ය සායනයක් පවත්වනු ලැබු අතර මෙම අවස්ථාව සඳහා කිළිනොච්චි ප්‍රදේශයේ ජිවත් වන සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් සහභාගී වුහ.

අංක 56, පුලියන්පොක්කනේ ග්‍රාමසේවා වසමට අයත් තලාවතීතේඩල් නාගේෂ්වර විද්‍යාලයේ පවත්වනු ලැබු මෙම ජංගම සායනය 572 වන බලසේනාවේ කර්නල් ඩි. එම්. පි. පි. දසනායක විසින් සංවිධානය කරන ලද අතර 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිසක් විසින් මේ සඳහා අවශ්‍ය සහය ලබාදුන්හ.

විදෙස්ගතව සිටින කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය බන්දුල හේරත්, වෛද්‍ය ගාන්ධීපාන්, කිළිනොච්චි රෝහලේ වෛද්‍ය ධනුෂ්ක සහ වෛද්‍ය කාර්ය මණඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් ද මෙම ජංගම සායනය පැවැත්වීම සඳහා සහභාගී වූහ.

57 වන සේනාංකය වෙතිත් සිදුකරනු ලැබු මෙම වැඩසටහන සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සිය ප්‍රශංසාව පුදකරනු ලැබීය. spy offers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092