Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2019 14:59:22 Hours

අළුවිහාර පුජා භුමියේදි පැවැති රාජ්‍ය උත්සවය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් ගේ සහය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මාතලේ ආලෝක විහාරයේ ඇති ත්‍රිපිටක පොත්වහන්සේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ සුවිසල් රාජ්‍ය උත්සවය එම විහාරස්ථානයේදි පවත්වන ලද අතර ඒ සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේවයෙ නියුතු නිලධාරින් 26 දෙනෙකු හා යුද්ධ හමුදා සාමාජිකයින් 600 කට අධික පිරිසකගේ නොමද දායකත්වය හිමිවිය.

මහානායක හිමිවරුන් ඇතුළු 1500 ක් පමණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම රාජ්‍ය උත්සවය සඳහා වැඩමකල අතර, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් එහිදි මෙම පිංකම සඳහා වැඩම කළ භික්‍ෂු භික්‍ෂුණින් වහන්සේලා වෙනුවෙන් දහවල් දානය පිළි ගන්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගිවූ අතර තවත් ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 626 දෙනෙකු, රජයේ නිලධාරීන් සහ සේවකයින් ගේද සහය ඇතිව මෙම උත්සව කටයුතු සුදානම් කරන ලද අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආහාර සැපයුම් බලකායේ මූලිකත්වයෙන් එහි වැඩමකළ සියලු භික්ෂු භික්ෂූනීන් වහන්සේලාට සහ සහභාගී වු 3000 කට අධික පිරිසක් සඳහා ආහාර පිලිගන්වනු ලැබිණි.

එමෙන්ම මෙම වැඩ සටහනේ සියලු කටයුතු අධික්‍ෂණය කිරිම 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර විසින් සිදුකරන ලදී. Adidas footwear | Nike, adidas, Converse & More