Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2019 15:10:58 Hours

මන්නාරම පිහිටි 541 සහ 542 බල ප්‍රදේශයේ සිසුන් සඳහා Baurs සමාගම සහ HNB බැංකුව උපකාර කරයි.

කොළඹ Baurs සමාගමේ තොරතුරු තාක්‍ෂණ අංශයේ මගින් පවත්වාගෙන යනු ලබන ‘අත්වැල’ වැඩසටහනට සමගාමීව සහ 22 වන ගජබා රෙජිමේන්තුවේ සහයෝගය ඇතිව විවිධ ආර්ථික අපහසුතා වලින් යුතුව කොන්ඩච්චි සහ සිලාවතුරෙයි ප්‍රදේශයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් පවුල්වල අධ්‍යාපනය හදාරන සිසුන් 39 ක් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් බෙදා දීම කොන්ඩකච්චි ප්‍රජා ශාලාවේදී 2018 දෙසැම්බර් මස 29 දින සිදුකරනු ලැබීය.

542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර සහභාගි වූ අතර, 54 වන සේනාංකයේ සියළු බලසේනා හා ඒකකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මේ අතරතුර, 54 වන සේනාංකය යටතේ ඇති 541 බලසේනාව විසින් කරන ලද ඉල්ලිමකට අනුව කොළඹ හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහය මත නව වසර නිමිති කොටගෙන සිසුන් 170 දෙනෙකු සඳහා රු 2500 ක් වටිනා පාසල් බෑග් සහ අනෙකුත් පැසැල් උපකරණ අඩංගු කට්ටලය බැගින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බෙදා දීම 2018 දෙසැම්බර් මස 30 වැනි දින සිදු කරන ලදි.

54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් බණ්ඩාර සහ අනුග්‍රාහක නියෝජිතයින් කිහිපදෙනෙකු එක්ව ශිෂ්‍යයින් වෙත අත්‍යවශ්‍ය පාසැල් ද්‍රව්‍ය බෙදා දුන් අතර, මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා අඹගහවැව සරණකිත්ති හිමියන්, 541 සහ 542 බලසේනාධිපතිවරුන්,දෙමාපියන්, දරුවන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියහ.spy offers | Nike Shoes, Sneakers & Accessories