Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2019 15:00:15 Hours

නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රි ලාංකිකයකු රාගම රණවිරු සුභසාධනය සඳහා මුදල් පරිත්‍යාග කරයි

සජිවි ශබ්ද ඉංජිනේරු සහ උත්සව සංවිධායක ලෙස සේවයේ නියතු නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රි ලාංකික ශ්‍යාම් වල්පොල මහතා විසින් රාගම ‘රණවිරු සෙවන’ සිටින ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය උදෙසා මූල්‍යමය පරිත්‍යාගයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ප්‍රධානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදි සිකුරාදා (04) දින උදැසන වල්පොල මහතා යුද්ධ හමුදාධිපතිතුමන් හමු වු අතර, එහිදි දෙදෙනා අතර ඇතිවු සාකාච්ඡාවේදි වල්පොල මහතා විසින් ප්‍රකාශ කර සිටියේ වර්තමානය වන විට ජාතික සංවර්ධන කාර්යභාරයන් සඳහා යුද්ධ හමුදාව කැපවී සිටින ආකාරය හා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේ වන විට සිදුකරමින් පවතිත වැඩපිවෙල තමා ඉතා අගය කරන බවත්, එම නිසා ඔහු විසින් නවසීලන්තයේදි මෑතක දි සංවිධානය කළ සංගීත ප්‍රසංගයකින් අනතුරුව මෙම ප්‍රදානය සිදුකිරීමට තමා තීරණය කළ බවත්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වල්පොල මහතා ප්‍රකාශ කර සිටියේ යුද්ධයේදි ආබාදිත වූ මෙවන් විරෝධාර රණවිරුවන්ගේ අනාගත සුභ සිද්ධිය උදේසා ඉදිරියටත් මූල්‍යමය පරිත්‍යාග ලබා දීමට සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස තමා සුදානම් බවය.

මෙහිදී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් රණවිරු පුනුරුත්ථාපනය සහ සුභසාධනය පිළිබදව වල්පොල මහතා දැක්වු උනන්දුව පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, රට රකින ජාතීය ලෙස ගෞරවයට පාත්‍රව සිටින යුද්ධ හමුදාව වෙනුවෙන් සිය ස්තුතීය ඔහු වෙත පුද කර සිටියේය.

මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් සංවිධානය කළ මෙම වැඩ සටහන සඳහා නන්දනී වල්පොල මහත්මිය සමගින් මිෂෙල් අනුරාධා වල්පොල ලොකුගේ මෙනවියද සහභාගී වූහ. latest Running | Nike