Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2019 08:56:52 Hours

ගංවතුර බලපෑමට ගොදුරු වු සිවිල් වැසියන්ට වියළි සලාක සහ සිසුන්ට පාපැදි ලබාදේ

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් කරෙයිනගර් ප්‍රදේශයේ ගංවතුර බලපෑමකට ලක්වු පවුල් 25 ක් සදහා සහල්, පරිප්පු, මිරිස්, වියළි මාළු, ටින් මාළු, සීනි, පිටි, කුළු බඩු සහ අත්‍යවශ ද්‍රව්‍ය අඩංගු වියළි සලාක මළු 25 ක් සහ එම ප්‍රදේශයේම සිටින අවතැන් වු පාසල් සිසුන් සඳහා පැපාදි 05 ක් සිකුරාදා (4) දින කරෙයිනගර් ප්‍රජා ශාලාවේ දී බෙදාදෙන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් අජිත් ඇල්වත්ත විසින් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සමඟ සම්බන්ධිකරණයෙන් යුතුව මෙම වියළි සලාක මළු බෙදා දීමේ වැඩසටහන පවත්වන ලදි. best Running shoes | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf