Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2019 14:11:14 Hours

58 වන සේනාංකය විසින් ඉතා දුෂ්කර පාසල් කිහිපයකට ආධාර කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සේනපාල සමරසේකර කනිෂ්ඨ විද්‍යාලය, පෑනගමුව අමරසිංහ විද්‍යාලය සහ මීගොඩ සර්වමිත්‍ර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 153 දෙනෙකු සඳහා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මගපෙන්වීම මත ‘Together We Move’ සංවිධානය මගින් අනුග්‍රහක දායකත්වය මගින් නව වසරට සිසුන් දිරිගැන්වීමක් වශයෙන් අභ්‍යාස පොත් සහ ක්‍රීඩා භාණ්ඩ තොගයක් පිරිනමනු ලැබීය.

58 වන සේනාංකය විසින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ උපදෙස් මත මෙම දුෂ්කර පාසල් තෝරාගත් අතර, අනතුරුව සෙනසුරාදා (29) දින සමරසේකර කණිෂ්ඨ විද්‍යාලයේදී සිසුන් හට මෙම ප්‍රධානයන් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගී වු අතර, නිලධාරීන් පිරිසක්, දෙමාපියන්, ගුරුභවතුන් හා ශිෂ්‍යයින් ද මෙම උත්සවයට එක් වුහ.

තවද, 16 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම උත්සව අස්ථාවට පැමිණි පිරිස වෙත කෙටි ආහාර පාන වලින් සංග්‍රහ කරන ලදි.Nike shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ