Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2019 11:58:58 Hours

යාපනය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද නව නිවාස දෙකක් නිවාසලාභින්ගේ අයිතියට

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත හොරණ, තලගල ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති තලගල සුමනරත්න නාහිමියන් සහ ඔස්ට්‍රේලියා ජාතික රොඩ් තම්බයියා මහතාගේ ( Mr Rod Thambiah) අනුග්‍රහකත්වයෙන්, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කට්කොලම් සහ යාපනය අල්වායි ප්‍රදේශවල ජිවත් වන දුෂ්කරතා වලින් පෙළෙන පවුල් දෙකක් සදහා නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 16 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල හමුදා සහ 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයින්ගේ තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය උපයෝගිකර ගනිමින් පරිත්‍යාගශිලින්ගේ ඉල්ලිම මත මාස තුනකට අඩුකාලයක දී මෙම නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදි.

මෙම නව නිවාස දෙකෙහි යතුරු නිළ වශයෙන් එම පවුල් වෙත භාරදීම බදාදා (2) දින පැවති කෙටි උත්සවයකින් මේජර් ජෙනරල් හෙට්ටිආරච්චි විසින් ප්‍රධානය කරනු ලැබු අතර, එම අවස්ථාව සදහා වඩමාරච්චි ප්‍රාදේශිය ලේකම් අල්වයි පිල්ලායි ශ්‍රි මහතා, ග්‍රාමසේවා නිළධාරින්, 55 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, 551 බළසේනාවේ බලසේනාධිපති, 16 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ සහ 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරින්, සිවිල් වැසියන් සහ නිලධාරින් ඇතුළු පිරිසක් ද සහභාගි වුහ.

මෙම උත්සවය සදහා පැමිණි ආරාධිත අමුත්තා නව වසරට සුභපැතුම් එක්කරමින් එම පවුල් වලට ත්‍යාග පාර්සල් කිහිපයක්ද ප්‍රධානය කරනු ලැබීය. යාපනය අර්ධද්වීපය තුළ දැවැන්ත නිවාස සංකීර්ණ ඉදිකිරීමට අමතරව 2019 ජනවාරි පළමු සතිය වන විට මෙවැනි නිවාස ගණනාවක් ඉදිකර ප්‍රධානය කර ඇත. spy offers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov