Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2019 16:27:47 Hours

සංස්කරණය කරන ලද නව ඇදුම් රෙගුලාසි පිළිබඳ ග්‍රන්ථය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වේ

2019 නව වර්ෂය සඳහා රාජකාරි ආරම්භ කරමින් විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සදුදා (1) දින යුද්ධ හමුදා ඇඳුම් රෙගුලාසි (I හා II) පිළිබඳ සංස්කරණය කරන ලද මෙන්ම යාවත්කාලීන කරනු ලැබු අතිරේක රෙජිමේන්තු සේවා පිළිබඳ නව ග්‍රන්ථය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හට පිළිගන්වනු ලැබීය.

දීර්ඝකාලීනව පැවැති අවශ්‍යතාවයක් සම්පුර්ණ කරමින් විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත පිරිස් පරිපාලන මාණ්ඩලික අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා ගේ අධීක්‍ෂණයෙන් මෙම ග්‍රන්ථය මෙලෙස සංස්කරණය කර එළිදක්වනු ලැබීය.

1992 සහ 1999 වර්ෂයන්ට පසුව එලිදැක්වු මෙම සංස්කරණය කරන ලද නව ග්‍රන්ථය අතිරේක රෙජිමේන්තු සේවා නියුක්තිය මෙන්ම නව යුද්ධ හමුදා නිල ඇදුම්, පළඳනා, පදක්කම්, නිල ලාංඡන ආදියෙහි ඡායාරූප මගින් සවිස්තරාත්මකව අන්තර්ගත කර ඇති අතර, අධ්‍යයනය කිරිම තුළින් භාවිතා කරන්නන්ට නිවැරදි පිලිවෙලට යුද්ධ හමුදාව තුළ පවත්වනු ලබන විවිධ උත්සවයන් සඳහා නිල ඇදුම් පිළියල කර ගැනිමට හැකිවනු ඇත.

මෙම තොරතුරු යාවත්කාලීන කිරීම වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් විධායක ජෙනරාල් වරයාට හා පිරිස් පරිපාලන මාණ්ඩලික අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයා හට සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කරනු ලැබීය. Asics footwear | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger