Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2019 20:10:46 Hours

පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි ශාරිරික අභ්‍යාස පාඨමාලාවේ 187 ක් හා පිහිණුම් උපදේශක පාඨමාලාවේ උපදේශකයින් විසිර යති.

යුද්ධ හමුදා ශාරීරික පහුණු පාසලේ පාඨමාලාවන් හැදෑරු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 187 දෙනෙකු පුහුණුව අවසානයේ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති විචිත්‍රවත් විසිරියාමේ පෙලපාලියකින් විසිර ගියහ. එහිදි, උසස් ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලා අංක 10, උපදේශක පාඨමාලා අංක 39, සහකාර ශාරීරික අභ්‍යාස පාඨමාලා අංක 116 සහ පිහිණුම් උපදේශක පාඨමාලා අංක 23 යන පාඨමාලාවන් හැදැරු පිරිස් විසිර ගියහ.

මෙම විසිරයාමේ උත්සවය සඳහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු අතර ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස උපදේශක පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි. එස්. ඩි. වැලිකල, ප්‍රධාන පුහුණු උපදේශක සහ ශාරිරික අභ්‍යාස උපදේශකයින් ඇතුළු පිරිසක්ද ඒ සඳහා එක්වුහ.

මේ අනුව ඉහත පාඨමාලාවන් හැදෑරු නිලධාරීන් හා සෙසුනිලයින් 187 දෙනෙකු සඳහා සහතික පත් හා කුසලාන පිරිනැමිම මෙම උත්සවය අතරතුර සිදුකරනු ලැබීය.

මෙම උත්සවය වර්ණවත් කරමින් සහ ඔවුන් ලබාගත් දැනුම සහ කුසලතාවයන් විදහා දැක්වීමට අවස්ථාවක් කර ගනිමින් විචිත්‍රවත් ජිම්නාස්ටික් සංදර්ශණ, ඇරොබික් සංදර්ශණ, කරාතේ සංදර්ශණ, අංගම්පොර සටන් ක්‍රම ඇතුළු විශේෂාංග රැසක් ද විසිර යාමේ උත්සවයට එක්කරන්නට සමත්වුහ එමෙන්ම මෙම උත්සවය සඳහා දෙමාපියන් හා සුභ පතන්නන් ඇතුළු 750 කට අධික පිරිසක් සහභාගී වුහ. best shoes | Nike Air Max 270