Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2018 12:33:22 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ නත්තල් කැරොල් ප්‍රසංගයේ දී පුත්තලම ප්‍රදේශයේ ජිවත්වන ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජනවාර්ගික කණ්ඩායම් සෞන්දර්යාත්මක කුසලතා ප්‍රදර්ශනය කරයි

පුත්තලම දිස්ත්‍රිකයේ ජීවත්වන අප්‍රිකානු සම්භාවයකින් පැවත එන ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජාතීකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නත්තල් දින උත්සවයට සමගාමීව පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ දි සෞන්දර්යාත්මක හා සුවිශේෂී සංස්කෘතික කැරොල් උත්සවයක් සිකුරාදා (28) දින පැවැත්විණි.

දේවස්ථානයේ පූජකතුමන්ලාගේ ආරාධනයකට අනුව මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සපැමිණි අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ව කුඩා දැරියක් විසින් මල් කලඹක් දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව අප්‍රිකානු සම්භවයන් සහිත කාන්තා නර්ථන ශිල්පිනියන්ගේ නර්ථන මධ්‍යයේ ප්‍රධාන වේදිකාව වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා කැටුව යන ලදී. සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ කළ අතර 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක විසින් පිළිගැනිමේ කථාව සිදු කරමින් සහජිවනයේ සහ සංහිඳියාවේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ. තවද, මෙම උත්සවය 143 වන බලසේනා මූලස්ථානයේ පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදා ගීතිකා කණ්ඩායම, අප්‍රිකානු සම්භවයන් සහිත දරුවන්ගේ සංස්කෘතික අංග, කැරොල් සහ අනෙකුත් නත්තල් විශේෂාංග රැසකින් හැඩගැන්වුණු මෙම අවස්ථාව සඳහා, පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ පාලක පූජ්‍ය කෙනෙඩි පියතුමන්, කතෝලික පූජකවරුන්, කන්‍යා සොහොයුරීයන්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.

අප්‍රිකානු සම්භවයන් සහිත ජන කණ්ඩායම විසින් ඉදිරිපත් කල ප්‍රදර්ශනාත්මක සංස්කෘතික අංගයන් සහ ඔවුන්ගේ දක්‍ෂතා අගය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවේ නර්ථන අංගයන් ඉදිරිපත් කළ අප්‍රිකානු සම්භවයන් සහිත කලාකරුවන් සහ ඔවුන්ගේ දරුවන් හට වියළි ආහාර සහ පාසල් උපකරණ බෙදාදෙන ලදි. අනතුරුව, පූජ්‍ය කෙනඩි පියතුමා විසින් ස්තුති කතාව සිදුකරමින් කරුණාව, දයාව, සාමය සහ සහජීවනය ඇති කිරිම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දක්වනු ලබන සහයෝගය හා දායකත්වය ඇගයුමට ලක් කළහ.

වංශ කථාවන්ට අනුව, වසර 500 කට පමණ පෙර පෘතුග්‍රීසි ආක්‍රමණිකයන් විසින් කම්කරු වහළුන් ලෙස ප්‍රථමවරට ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජාතිකයින් දිවයිනට රැගෙනවිත් ඇති අතර, වසර 300 කට පසුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යන් විසින් ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුන්ද ඉන්දියානු සාගර වහල් වෙළඳාමට දැඩි ලෙස සම්බන්ධව සිට ඇත.

පසුකාලීනව වහල්භාවය අහෝසි කිරීමෙන් පසු දිවයිනේ සියලු වහලුන් නිදහස් කරනු ලැබුවද, තම නිජබිම් වෙත නැවත යාමට අපොහොසත් වුවත් දිවයිනේම රැදි සිටි අතර, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් අප්‍රිකානු සම්භවයන් සහිත ජාතිකයින්යට සුළු රැකියාවන් ලබා දීමට කටයුතු කළහ. ක්‍රමානුකූලව, ඔවුන් ශ්‍රී ලාංකීක සංස්කෘතියට හුරුවුහ. වර්ථමානය වන විට වයඹ දිග වෙරළබඩ තීරයේ අති මහත් බහුතරයක් අප්‍රිකානු - ශ්‍රී ලාංකීක ජාතිකයන් ජිවත් වන අතර ඉන් බොහෝ දෙනෙක් ද්‍රවිඩ ජාතිකයින් සමග විවාහ වී සිටිති.

පසුකාලීනව, ත්‍රස්තවාදී යුද්ධය සහ සමාජිය ගැටළු වැනි හේතු නිසා ඔවුන් සමඟ පැවති අන්තර් සබඳතාවයන් අඩු වී යාමත් දක්නට ලැබුණු අතර එය ඔවුන්ගේ ජනවාර්ගික කණ්ඩායම තුළ මන්දගාමී වර්ධනයක් ඇතිවීම කෙරේද බලපා ඇත. මෙම අප්‍රිකානු - ශ්‍රි ලාංකික ජනතාව අද දක්වාම ධීවර කාර්මාන්තය ආශීත රැකියා, වෙළදාම් ආදී ජිවන මාර්ගයන් සඳහා යොමුවී ඇත.

මෙම දුර්ලභ වැඩසටහන ඔවුන්ගේ සංස්කෘතික උරුමයේ වැදගත් අංගයන් රැසක් ප්‍රදර්ශනය කරන ලද අවස්ථාවක් විය. Running sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov