Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2019 15:49:24 Hours

“ඕනෑම ආරක්‍ෂක අභියෝගයකට මුහුණදීමට මෙන්ම ජාතික සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාව යෙදවීමට සූදානම්’’ යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

‘රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන අතරම, ජාතික ආරක්‍ෂාව මෙන්ම රටේ අභ්‍යන්තර හෝ වෙනත් ආකාරයේ ආරක්‍ෂක තර්ජනයන්ට මුහුණදීමට යුද්ධ හමුදාව සූදානම් විය යුතුය. 2019 වර්ෂයේ දී විවිධ අංශවල පුහුණු වැඩසටහන් සමඟ යුද්ධ හමුදාව මෙම වැඩපිළිවෙල වැඩිදියුණු කරමින් තවදුරටත් රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බවත්’ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (01) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති නව වර්ෂයේ රාජකාරී ආරම්භක උත්සවයට සහභාගිවෙමින් පැවැසීය.

2019 නව වර්ෂය උදාවත් සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීය ගායනා කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ප්‍රකාශයට පත්කරන ලදි.

ඉන් අනතුරුව, සම්ප්‍රදායානුකූලව රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කළහ.

නව වසරෙහි නව බලාපොරොත්තු ඇතිව ජාතිය වෙනුවෙන් සිය වගකීම් ඉටු කළ යුතු බවත් ඒකීය රටක ජීවත් වන සියලු යුද්ධ හමුදා සාමාජිකයින් නව වසර තුළ සහොදරත්වයෙන් හා සංහිඳියාවෙන් යුතුව රාජකාරි කල යුතු බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙහිදි සියලුදෙනා අමතමින් තවදුරටත් පැවසීය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණිමත් සමඟ උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර, රසකැවිලි සහ අනෙකුත් නව අවුරුදු ආහාර පාන ඇතුලත් තේ පැන් සංග්‍රහය භුක්ති විදීම සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විධායක ජෙනරාල් ඇතුළු යුද්ධ හමුදා මූලස්ථාන මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් එක්ව සිටියහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සියලුම නිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරමින් නව වසර වෙනුවෙන් සුභ පැතුම් ද එක් කළහ.

යුද්ධ හමුදාධිපති තුමන් විසින් නව වසර සඳහා ඉදිරිපත් කරනු ලැබු පණිවුඩය පහත සඳහන් පරිදි වේ. Asics footwear | GOLF NIKE SHOES