Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2018 17:12:59 Hours

කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් වු දමිළ ජනතාව ඔවුන්ගේ හඬ අවදිකරයි

කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වු සිවිල් වැසියන් පළාතේ දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලබාදුන් සහයෝගයට ප්‍රශංසා කල අතර ඔඩ්ඩුසුඩාන්, වසන්තිපුරම්, පණ්ඩරාවනි, උදයාර්කට්ටුකුලම් දකුණ, සුගන්දිරපුරම්, ධර්මපුරම්, වට්ටකච්චි, වල්ලිකුලම්, ථෙරාවිල්, ඉරට්ටමඩු, වල්ලුවාර්පුරම් යන ප්‍රදේශවල දම්ල ජනතාව විසින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබු මානුෂීය සේවාවන් තරවදුරටත් සිදුකරන ලෙස ඉල්ලා සිටියි.

මෙම ප්‍රදේශයන්හි දමිළ ජනතාව විපතට පත්වු අවස්ථාවේ ආහාර, සහනාධාර ආදීය හසුරා එවන ලද කවර හා කඩදාසි පෝස්ටර් ලෙස යොදාගනිමින් ඔවුන් විතට පත්වු අවස්ථාවේ පිහිට වු යුද්ධ හමුදා සාමාජිකයින් හට සිය ස්තුතීය පුදකරමින් මේ අයුරින් වැකි ප්‍රදර්ශනය කරමින් තම උපහාරය පුදකරණු ලැබීය, ‘ගංවතුරෙන් අවතැන් වු අප බේරා ගත් යුද්ධ හමුදාවට අපගේ කෘතවේදිත්වය’, ‘යහපත් මෙන්ම අයහපත් අවස්ථාවන් දෙකේදීම අපහට උදව් උපකාර කළ යුද්ධ හමුදා භටපිරිස් වලට අපගේ ආචාරය’, ‘යුද්ධ හමුදාවත් නොසිටියානම් ගංවතුර සැඩපහර අභිමුවේ අපට කුමක් සිදු වේවිද’, අපහට යුද්ධ හමුදා සේවය මෙහි අවශ්‍යයයි’, ‘යුද්ධ හමුදාව හැර අපහට උදවු කිරිමට දම්ල දෙශපාලඥයින් නොමැත’. ආදි වශයෙන් වැකි කිහිපයක් තිනකුරල් පුවත් පත, ටැමිල් මිරල් පුවත් පත හා සිංහල පුවත් පත් වන දිවයින, මව්බිම සහ සති අන්ත අරුණ යන දමිළ සහ සිංහල පුවත්පත් වල සඳහන් වු අයුරු දක්නට ලැබීය.

මේවැනි වූ තවත් විශාල පෝස්ටර් උතුරු පළාත් සභාව විසින් ව්‍යාපෘතීන් සඳහා පාර දෙපස වෙන් කර තිබූ විශාල ප්‍රමාණයේ පුවරු මත අලවා තිබු අයුරු දක්නට ලැබීය.

උතුරු පළාත්, හිටපු පළාත් සභා මන්ත්‍රී දමිළ ජාතික සන්ධානයේ එම්.කේ. ශිවාජිලිංගම් මහතා විසින් දැක්වු අදහසක් සති අන්ත අරුණ පුවත්පතේ මෙසේ උපුටා දැක්වීය. "හමුදාව උතුරු පළාතෙන් ඉවත් කළ හොත් එක්සත් බව බෙදීයාමේ තර්ජනයක් පවතිනවා. උතුරේ හමුදා ඉවත් කල හොත් එක්සත් වූ රට නැවත දෙකඩවීමේ තර්ජනයකට මුහුණපෑමට සිදුවන බවත් ජලගැලීම් අතරතුරදී යුද්ධ හමුදාව සිදුකල සේවය වෙනුවෙන් මා අතිශේයින් ස්තුතිවන්ත වෙනවා "යැයි උපුටා ගැනිමේ සඳහන් විය. buy footwear | Nike Air Force 1 , Sneakers , Ietp STORE