Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2018 16:55:33 Hours

යුද්ධ හමුදාව විසින් සංවිධානය කළ 38 වන ජාතික ස්කෝෂ් ශූරතාවලිය - 2018 අවසන් වේ

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු 38 වෙනි ජාතික ස්කෝෂ් ශූරතාවලිය - 2018 පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි 27 සිට 30 දක්වා දින හතරක් පුරා පවත්වන ලද අතර, එම ශුරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, ජාතික ස්කොෂ් කමිටුව විසින් සිදු කල ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා සහ පැමිණි ආරාධිතයින් කිහිපදෙනෙකුන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, පිරිමි හා කාන්තා අවසන් තරග ආරම්භ විය.

38 වෙනි ජාතික ස්කොෂ් ශූරතාවලිය - 2018 කාන්තා ශූරතාවලියේදි ෆාට්කිම් ඉසඩීන් (Ms Fathqum Issadeen) පරාජය කරමින් මිහිලියා මෙත්සරනි ක්‍රීඩිකාව විසින් ශූරතාවය හිමිකරගනු ලැබීය.

38 වන ජාතික ස්කොෂ් ශූරතාවලිය - 2018 පිරිමි අංශයේ ශුරතාවය ශාමිල් වකීල් ක්‍රීඩකයා පරාජය කරමින් රවිදු ලක්සිරි ක්‍රීඩකයා විසින් හිමිකරගනු ලැබීය. මෙහිදි ජයග්‍රාහකයින් සඳහා කුසලාන හා පදක්කම් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ප්‍රදානය කරනු ලැබිණි. අනතුරුව ක්‍රීඩකයින් හට සුභ පැතුම් පිරිනැමූ යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරියේදී දිවයින පුරා මෙම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා හමුදාව විශේෂ අවධානයක් යොමු කර ඇති බැවින් ස්කොෂ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි උපරිම සහය ලබාදෙන බවද එහිදි ප්‍රකාශ කරනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සුභාශිංසන එක්කරමින් ශූරතාවයන් හිමිකර ගනු ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ත්‍යාග හා කුසලාන ප්‍රධානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද එක්විය. ජාතික ස්කෝෂ් කමිටුවේ සභාපති විශ්‍රාමික එයාර් කොමදෝරු අජිත් අබේසේකර විසින් මෙම අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජය මුනසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ජාතික ස්කොෂ් කමිටුවේ සභාපති විශ්‍රාමික එයා කොමදෝරු අජිත් අබේසේකර, ජාතික ස්කොෂ් කමිටුවේ ලේකම් විශ්‍රාමික ලුතිතන් කමාන්ඩර් ප්‍රියදර්ශන ජයරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. jordan Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ