Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2018 19:16:22 Hours

‘මනුසත් දෙරණ’ ව්‍යාපෘතිය සමඟ එක්ව යුද්ධ හමුදාව කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහනාධාර බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 57 වන සේනාංකයේ 573 වන බලසේනාවට අයත් බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගයෙන් කන්දවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උරියන් සහ මුරුසමෝටෙයි ග්‍රාම සේවා බලප්‍රදේශයේ උරියන් බටහිර, පරනමෝඩෙයි, උප්පාරු, පුලිනාගතෙවන් කණ්දල්, මංගායන් මුරිප්පු, පුතුක්කුලම් සහ පලෙයි කෝරකාන්කන්ඩු ගම්මානයන්හි ගංවතුරෙන් අවතැන් වූ පවුල් 100 ක් සඳහා එකක් රුපියල් 3000/= ක වටිනාකමින් යුතු වියළි සලාක මලු තොගයක් බෙදාදෙන ලදී.

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ‘මනුෂත් දෙරණ’ මානුෂීය ව්‍යාපෘතියේ සහයෝගය ඇතිව ගංවතුරෙන් විපතට පත්වූ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද පවුල් සඳහා බ්‍රහස්පතින්දා (27) දින අත්‍යාවශය ද්‍රව්‍ය බෙදාදුන්හ.

මෙම වියළි සලාක මලු සහල්, සීනි, පරිප්පු, ටින් මාළු, නූඩ්ල්ස්, තේ පැකට්, බිස්කට් පැකට්, සබන්, දත් බුරුසු ඇතුළු තවත් අත්‍යාවශය ද්‍රව්‍ය අඩංගු විය. ඒ අනුව, තෝරාගත් පවුල් සඳහා උරියාන් මුරුගානන්ද ප්‍රාථමික විද්‍යාලයේ දී මෙම අත්‍යාවශය ද්‍රව්‍ය බෙදාදෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත පැවැති සහනාධාර බෙදාදීමේ වැඩසටහන සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක රණසිංහ, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගි වූහ. Nike air jordan Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp