Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2018 16:49:33 Hours

උතුරු පළාතේ රජයේ ඉඩම් තුල යුද්ධ හමුදාව පවත්වාගෙන යනු ලබන ගොවිපලවල් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් කිරීම

උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද්ධ හමුදාව දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් ජාතික ආරක්‍ෂාවට කිසිදු හානියක් ඇති නොවන අයුරින් නිදහස් කිරීමේ ක්‍රියාවලියට අමතරව එම පළාත්හි යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල් පිහිටි රජයට අයත් ඉඩම් ද කඩිනමින් නිදහස් කරන ලෙසට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් අතර ඒ අනුව උතුරු පළාතේ පවත්වාගෙන යනු ලබන පහත සඳහන් ගොවිපොලවල් පිහිටි ඉඩම් අක්කර 1099 (එක් දහස් අනුනවයක්) ක ප්‍රමාණයක් නුඳුරේ දී නිදහස් කිරීමට සැලසුම් කොට ඇත. මේ අනුව,

අ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනකරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ජයපුරම් උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 194 ක ඉඩම් (නච්චිකුඩා)

ආ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනකරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ජයපුරම් උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෙනත් අක්කර 285 ක ඉඩම් (නච්චිකුඩා)

ඇ. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උදයාර්කඩ්ඩුකුලම් ග්‍රාම නිලධාරි වසමේ පිහිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 120 ක ඉඩම

ඈ. මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙල්ලම්කුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 600 ක ඉඩමෙන් අක්කර 500 ක ප්‍රමාණයක්

ඉහත සඳහන් ඉඩම් කොටස් මේ අනුව 2019 ජනවාරි මස දෙවැනි සතිය තුළ ගරු අණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් (කිලිනොච්චිය), දිස්ත්‍රික් ලේකම් (මුලතිව්) සහ දිස්ත්‍රික් ලේකම් (මන්නාරම) වෙත උත්සවාකාරයෙන් මුදාහැරීමට කටයුතු සැලසුම් කොට ඇත. Mysneakers | Nike Air Max 270