Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2018 12:58:35 Hours

විල්පත්තු රක්‍ෂිතයේ අනතුරට ලක්වූ රත්නපුර සංචාරකයින් සොයා සිදුකල මෙහෙයුම

විල්පත්තුව ජාතික අභයභූමි රක්‍ෂිතය තුල දී සංචාරකයින් 68 දෙනෙකු රැගත් බස් රථයක් සිකුරාදා (21) දින අනතුරකට ලක් වු අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිසිය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සේනාංකයට අයත් පුත්තලම ප්‍රදේශයේ ස්ථානගත 143 බලසේනාවේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඒ සඳහා සහය වුහ.

රත්නපුරයේ සිට පැමිණි සංචාරක පිරිස සිකුරාදා (21) දින උදෑසන බස්රථයෙන් වනරක්‍ෂිතයට ඇතුළු වී ඇති අතර, ඔවුන් සතුන් ගවේෂණය කරමින් ගමන් කරමින් සිටියදී මඩ වගුරක එරීම හේතුවෙන් තවදුරටත් බස් රථය ධාවනය කිරීමට නොහැකි වී ඇති අතර, කලබලයට පත්වූ සංචාරකයින් පිරිස අතරින් එක් අයෙකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය සමඟ සම්බන්ධවී සහය ඉල්ලා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව අලි ඇතුන් හා දරුණු සතුන්ගෙන් ගහණ වනරක්‍ෂිතයේ හෝරා 8 – 9 කාලයක් පුරා රැදී සිටි එම සංචාරක පිරිස බේරාගැනීමට කටයුතු කර ඇත.

143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක ගේ ප්‍රධානත්වයෙන් යුතුව යුද්ධ හමුදා සාමාජිකයින් ද පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ඇතුළු පිරිසගේ සහයෝගය ද ඇතිව සෆාරී ජිප් රථ හතරක් විපතට පත්වූවන් සොයා රක්‍ෂිතය පරීක්‍ෂා කිරීම ආරම්භ කළ අතර අඳුරු වැටිමත් සමඟ, 143 වන බලසේනාවේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත ගලවාගැනීමේ කණ්ඩායම විසින් කුඩා ළමුන් 11 ක් සහ කාන්තාවන් 30 ක් ඇතුළු පිරිසකින් යුතු වූ අනතුරට ලක්වූ බස් රථය සොයා ගැනීමට සමත් විය.

සෆාරී ජිප් රථ යොදාගනීමින් 143 වන බලසේනාවේ ගලවාගැනීමේ කණ්ඩායම සිදු කල මෙම මෙහෙයුම සඳහා කොලන්කනත්ත නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද එක්වුහ. එහිදි භට පිරිස් විසින් සෆාරී ජිප් රථවල ද ආධාරය ඇතිව අනතුරට ලක්වූ බස් රථය මුදා ගැණුනු අතර, අනතුරට මුහුණ පෑ සංචාරක පිරිස වනාතවිල්ලුව ශාන්ත ජූඩ් දේවස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන් සඳහා නවාතැන්, ආහාරපාන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ලබාදෙනු ලැබීය. මෙම අභියෝගාත්මක මෙහෙයුම දියත් කිරීම සඳහා ගලවාගැනීමේ කණ්ඩායම් සමඟ සෆාරී ජිප් රථ හිමියන් ස්වේච්ඡාවෙන් එක්වූහ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් පූත්තලම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිදු කරනු ලැබූ මෙම මනුෂිය සත්කාරය ඇගයුමට ලක් කළහ. bridgemedia | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth