Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2018 14:22:56 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට සහ දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින්ට යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබූ නව නිවාස 118 ක්

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ නිවාස ව්‍යාපෘතියේ’ අධියර III සහ VI යටතේ ඉදිකරනු ලැබු නිවාස 118 ක යතුරු හා නිල ලේඛණ භාරදීම සහ ගල්කුලම පුහුණු පාසලේ දී ‘බර වාහන අලුත් වැඩියාව’ පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරු නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සමාජිකයින් 147 දෙනෙකු වෙත ජාතික වෘත්තිය නිපුණතා (NVQ) සහතික පිරීනැමීමේ උත්සවය බදාදා (19) දින කොළඹ 2 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. තවද මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එන්.කේ. වඩුගොඩපිටිය ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රණවිරු නිවාස ව්‍යාපෘතියට අනුව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ නිවාස ව්‍යාපෘතියේ අධියර III සහ VI යටතේ පසුගිය වසරක කාලයක් තුල මෙම නිවාස 118 ඉදිකරනු ලැබීය. ඒ අනුව, නිවාසලාභී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු රණවිරුවන් සඳහා සංකේතාත්මකව නව නිවාසයන්හි යතුරු සහ රුපියල් 15,000/= ක් වටිනා ත්‍යාග වවුචර් පත් යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සවය සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා ගීතය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කිරීමෙන් පසුව ආරම්භ විය. මෙම උත්සවයේ පිළිගැනීමේ දේශනය රණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එන්.කේ. වඩුගොඩපිටිය විසින් සිදු කළහ.

ගල්කුලම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල වෙතින් ‘බර වාහන අලුත් වැඩියාව’ පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරු නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සමාජිකයින් 147 දෙනෙකු වෙත ජාතික වෘත්තිය නිපුණතා (NVQ) සහතික පත් මෙහිදි පිරීනමනු ලැබීය. ජාතික වෘත්තිය නිපුණතා (NVQ) සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති ආචාර්ය සාරංග අලහප්පේරුම මහතා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, විධායක ජෙනරාල් සහ රණ සේවා අධ්‍යක්‍ෂ සහභාගි වූහ.

මෙහිදි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් හට පුහුණු පාඨමාලාවන් හැදෑරීමට අවකාශ ලබාදෙමින් කරන ලද දායකත්වය ඇගයුමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ආචාර්ය සාරංග අලහප්පේරුම මහතා වෙත ප්‍රදානය කරනු ලැබීය. මෙම උත්සවයේ ස්තූති කථාව විශේෂ බලකායේ බළලත් නිලධාරී II එන්.වී.පී.එන්.ඒ. රණසිංහ විසින් සිදු කළ අතර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය නිමාවට පත්විය. short url link | Nike Shoes