Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2018 11:40:20 Hours

චීන මහජන විමුක්ති හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

චීන මහජන විමුක්ති හමුදාවේ ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ Battle Space Environment Support Agency අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ෂායි යුචුවාන් (Major General Zhai Yuchuan) බදාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

හත්දෙනෙකුගෙන් සමන්විත චීන තානාපති කාර්යාලයේ නියෝජිත පිරිස සමඟ දෙරට අතර ද්විපාර්ශවීය සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා පැවැත්විණි.

මෙම සුහද හමුව අවසානයේ සුහදත්වය සහ අන්නෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. latest jordans | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092