Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2018 16:09:06 Hours

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පවත්වනු ලැබු සම්මන්ත්‍රණය 2/2018 සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (17) දින උදෑසන නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකරනු ලැබු ‘Academic Nexus’ තෙමහල් ගොඩනැගිල්ල පීත්ත පටිය කපා විවෘත කරනු ලැබීය.

නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව වර්ෂ 2012 ජනවාරි 23 වන දින යුද්ධ හමුදාවේ ප්‍රධාන අධ්‍යයන ආයතනයක් ලෙස ආරම්භ කරන ලද අතර මෙම නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මගින් විවිධ ක්‍ෂේත්‍රවල අධ්‍යයන කටයුතු සඳහා මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් පුහුණු කරනු ලබයි.

මෙම නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නිසි තාක්ෂණික හා නේවාසික පහසුකම් සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එහි පුහුණුව හැදෑරීම සඳහා පැමිණෙන දේශීය මෙන්ම විදේශීය ශිෂ්‍ය නිලධාරීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පියවර ගනු ලැබීය.

ඒ අනුව, නවතමයෙන් ඉදිකරනු ලැබු මෙම ගොඩනැගිල්ලෙහි සංඥා කාමර, කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකි කාමරයක්, සංඥා නිලධාරින් සඳහා කාර්යාල, උපදේශක මණ්ඩලය සඳහා කාර්යාල සහ ප්‍රධාන පුහුණු නිලධාරින් සඳහා කාර්යාල, අසුන් 150 කින් සමන්විත දේශණ ශාලාවක්, ඉංග්‍රිසි පුහුණු අංශයක්, ආපන ශාලාවක් සහ නවීන සනීපාරක්‍ෂක පහසුකම් වලින්ද සමන්විත වේ.

මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉංජිනේරු සේවා බලකායට රුපියල් මිලියන 89 ක මුදලක් වැය වී ඇත.

නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ හිටපු සේනාවිධායක මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2014 වසරේදී මුල්ගල් තැබීය.

විදේශීය සිසුන් සඳහා නවතමයයෙන් ඉදිකරනු ලැබු ‘Block One’ ගොඩනැගිල්ල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදි විවෘත කරනු ලැබීය.

සියලු පහසුකම්වලින් සමන්විත මෙම නේවාසික ගොඩනැගිල්ල සම්පූර්ණ වායුසමීකරණය කරන ලද කාමර 12 කින් සහ නාන කාමරවලින් යුක්ත වන අතර, රුපියල් මිලියන 21.5 ක මුදලක වියදමින් ඉංජිනේරු සේවා බලකාය විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත. affiliate link trace | Nike Air Max