Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2018 13:17:22 Hours

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ 12 වන වාර්ෂික සැසිය ආරම්භ වේ

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මගින් පවත්නු ලබන සම්මන්ත්‍රණය ‘වර්තමාන උපායමාර්ගික පරිසරයක් තුල කලාපීය හමුදා අණදෙන්නන්ගේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ සඳුදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන විසින් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබීය.

මෙහිදි ප්‍රධාන දේශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකල අතර ‘Dynamics of Strategic Environment in IOR’, ‘Implications of Strategic Environment on National Context’, ‘Role of Military in Domestic Environment’, ‘Transformation of a Military Commander’ සහ ‘Ideal Command Model to Suit the Contemporary Strategic Environment’ යන අනු තේමාවන් ඔස්සේ මෙම සම්මන්ත්‍රණයෙහි දේශන පැවැත්වීමට නියමිතය.

12 වන වරටත් බුත්තල දී පවත්වනු ලැබු මෙම සම්මන්ත්‍රණය 2/2018 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිතන් කර්නල් සහ මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 ක් පමණ සහභාගි වූහ.

මෙම සම්මන්ත්‍රණයේ අධ්‍යයන සැසි සඳහා ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, උපායමාර්ගික අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් ජයවර්ධන, විදේශ කටයුතු අමාත්‍යංශයේ (SAARC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජෙනරාල් යසෝජා ගුණසේකර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, බ්‍රිගේඩියර් හේරත් සහ බ්‍රිගේඩියර් එම්.ඩි.යු.වී. ගුණතිලක සහභාගි වූහ.

සැසිවාර පහකින් සමන්විත මෙම සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 17 සහ 18 දෙදින තුල පැවැත්වෙන අතර එහිදි සහභාගි වූවන්ට විශේෂඥයින් සමඟ ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්න හා පිළිතුරු සැසියක් ද පැවැත්වීමට නියමිතය.

නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්න ගුණවර්ධන විසින් එහි සංචාරයක නිරත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු ‘ Academic Nexus’ ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. affiliate link trace | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf