Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2018 20:49:58 Hours

චීන හමුදාවේ පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඉදිකරනු ලැබු නව ශ්‍රවණාගාරය විවෘත කෙරේ

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කරන ලද පරිත්‍යාගයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නවතමයෙන් ඉදිකරනු ලැබු ආසන 785 කින් සමන්විත නව ශ්‍රවණාගාර සංකීර්ණය සෙනසුරාදා (15) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ චීන මහජන සමුහාණ්ඩු තානාපති ගරු වැන්ග් ෂීයැන්ග් (HE Cheng Xueyuan) මහතා විසින් විවෘත කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු ශ්‍රවණාගාරයේ සමරුඵලකය අතිගරු ජනාධිපතිතුමන් සහ චීන මහජන සමුහාණ්ඩු තානාපතිතුමන් විසින් නිරාවරණය කල අතර ඉන් අනතුරුව ශ්‍රවණාගාරයේ ප්‍රධාන දොරටුව අභියස දී පීත්ත පටිය කපා අතිගරු ජනාධිපතිතුමන් සහ චීන මහජන සමුහාණ්ඩු තානාපතිතුමන් විසින් නව ශ්‍රවණාගාරය විවෘත කරනු ලැබීය. ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ චීන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු නිල ලේඛණයකට අත්සන් තබමින් නවතමයෙන් ඉදිකරනු ලැබු ශ්‍රවණාගාර සංකීර්ණය නිල වශයෙන් භාරදෙනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සඳහා සභභාගි වූ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු පිරිස නවතමයෙන් ඉදිකරනු ලැබු ශ්‍රවණාගාර පරිශ්‍රය නිරීක්‍ෂණය කළහ. මෙම අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න විසින් අතිගරු ජනාධිපතිතුමන් සහ චීන මහජන සමුහාණ්ඩු තානාපතිතුමන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නව ශ්‍රවණාගාරය ඉදිකරගැනීම පිළිබඳ 2014 වර්ෂයේ අගභාගයේ එවකට යුද්ධ හමුදාධිපති වශයෙන් රාජකාරී කල ජෙනරාල් ජගත් ජයසුරිය විසින් චීන සමුහාණ්ඩු හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව දෙරට අතර දීර්ඝකාලීනව පවතින මිත්‍රත්වය ශක්තිමත් කරමින් මෙම නව ශ්‍රවණාගාරය ඉදිකරදීම සඳහා චීන මහජන විමුක්ති හමුදාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කළහ.  

ඒ අනුව, නවීත තක්‍ෂණික උපාංගයන්ගෙන් සහ නවීන පහසුකම් වලින් සමන්විත මෙම ශ්‍රවණාගාරය ආසන 685 කින් සමන්විත වන අතර එහි ඉහළ මහලයේ ආසන 100 කින් සමන්විත වේ. මෙහි පළමු අදියර සඳහා චීන මහජන විමුක්ති හමුදාව රුපියල් බිලියන 15 ක් සහ දෙවන සහ තෙවන අදියර සඳහා චීන රෙන්මෙන්බි යුආන් (RMB Yuan) මිලියන 18 ක් වැය කරමින් මෙම නව ශ්‍රවණාගාරය චීනයේ Yunnan Construction and Investment Holding Group CO. Ltd ආයතනය විසින් ඉදිකරනු ලැබීය. තවද මෙම ව්‍යාපෘතියේ සංවර්ධන නිලධාරී ලෙස කර්නල් කීර්ති රණසිංහ කටයුතු කරන ලදී.

කොළඹ ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ චීන සමුහාණ්ඩු ආරක්‍ෂක අමාත්‍යංශයේ සම්බන්ධතාවයෙන් යුතුව මෙම නව ශ්‍රවණාගාරය ඉදිකරනු ලැබීය. Running sneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp