Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2018 19:30:56 Hours

වීරෝධාර රණවිරු කෝප්‍රල් කරුණාරත්න සිය රෙජිමේන්තු මූලස්ථානයේ දී මහත් හරසරින් යුතුව පිළිගනී

නොපසුබට උත්සහයෙන් හෙබි 6 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ගැමුණු කරුණාරත්න රෝදපුටු ශූරයා ප්‍රසංශාවට සහ ඇගයුමට ලක්කිරීමේ විශේෂ උත්සවයක් බදාදා (12) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ගජබා රෙජමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු දෙපා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව රෝදපුටු මතින් ගමන් ගන්නා වීරෝධාර රණවිරුවන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

දිවයිනේ ප්‍රථම වරට මෙන්ම යුද්ධ හමුදා ඉතිහාසයේ ද ප්‍රථම වරට රෝදපුටු ශූරයෙකු දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් දින අටක් වැනි කාලයක් තුල ගමන් කර අඟහරුවාදා (11) දින පේදුරුතුඩුවෙන් සාර්ථකව අවසන් කල අතර කප්රුක (පුද්ගලික) සමාගම විසින් මෙම විරෝධාර රණවිරුවා ඇගයුමට ලක් කරමින් විශේෂ ත්‍යාගයක් ද පිරීනැමීය.

මෙම අභීමානවත් උත්සවය සඳහා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සහ කප්රුක (පුද්ගලික) සමාගමේ නියෝජිතයින් සහභාගී වූ අතර ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලයින් වෙනුවෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වීරෝධාර රණවිරු කෝප්‍රල් කරුණාරත්න වෙත රුපියල් ලක්‍ෂයක චෙක් පතක් ප්‍රදානය කරනු ලැබීය.

මීට අමතරව, මෙම අවස්ථාවට සහභාගිවූ දෙපා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව රෝදපුටු මතින් ගමන් ගන්නා වීරෝධාර රණවිරුවන් වෙත ද අනුග්‍රාහකයින් විසින් විශේෂ ත්‍යාග පාර්සල් පිරීනැමීය.

ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස් කෝප්‍රල් කරුණාරත්න උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කිරීම සඳහා ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදි.

මෙම උත්සවයේ දී යුද්ධ හමුදාව සහ ගජබා රෙජිමේන්තුව ප්‍රසංශාවට ලක් කරමින් අධිෂ්ඨානයෙන් යුතුව විරෝධාර රණවිරු කෝප්‍රල් ගැමුණු කරුණාරත්න සිදු කල මෙම වීරක්‍රියාව ඇගයුමට ලක් කළහ. කෝප්‍රල් කරුණාරත්නගේ අති දුෂ්කර අභියෝගාත්මක ගමන අතරතුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානය අභියස දී යුද්ධ හමුදා සාමාජිකයින් ඔහුව ධෛර්යමත් කරමින් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් පවත්වනු ලැබීය.

මෙහිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔහු සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර ගජබා රෙජිමේන්තුව ප්‍රසංශාවට ලක් කරමින් සිදුකල වීරක්‍රියාව හේතුවෙන් අනාගතයේ දී සියලු සහයෝගය ලබාදෙන බවට ද පැවසීය. මෙම අභිමානවත් උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන්, අනෙකුත් රණවිරුවන් සහ වීරෝධාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින් ද සහභාගි වූහ. Nike Sneakers | Nike