Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2018 08:01:21 Hours

පාකිස්තානයේ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් දිවයිනේ සංචාරයක

පාකිස්තානයේ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් චිරාජ් හයිඩර් (Chiragh Haider) ඇතුළු නියෝජිතයින් තිදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයන් හී දින පහක සංචාරයක නිරතවීම සඳහා බ්‍රහස්පතින්දා (11) දින මෙරටට පැමිණි අතර නියෝජිත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී බ්‍රිගේඩියර් එන්.ආර්. ලමාහේවගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම පස් දින සංචාරය අතරතුර පාකිස්තානයේ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චිරාජ් හයිඩර් (Chiragh Haider) ඇතුළු නියෝජිතයින් තිදෙනා යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීමට නියමිතය.

මෙම නියෝජිත පිරිසට පාකිස්තාන හමුදාවේ මේජර් ජෙනරාල් චිරාග් හයිඩර් (Chiragh Haider) හා ඔහුගේ භාර්යාව උම්මේ ෆර්වා (Umme Farwah), කර්නල් අරිෆ් බංග්ෂ් (Arif Bangash) සහ මේජර් ජෑන් බඩ්සා (Jan Badshah) ඇතුලත් විය.

අනතුරුව, පාකිස්තානයේ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චිරාජ් හයිඩර් ( Chiragh Haider) ඇතුළු නියෝජිත පිරිස බටලන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය - 2018 සඳහා ද සහභාගි වනු ඇත.

එමෙන්ම, කොළඹ රොක්හවුස් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන නිලධාරි නිවස්නයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ප්‍රධානත්වයෙන් පැවැති සංස්කෘතික වැඩසටහන සඳහා මෙම නියෝජිත පිරිස එක්වීමට නියමිතය.

මෙම නියෝජිත පිරිස දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සංචාරයක නිරතවීමට නියමිතය. එහිදී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය නැරඹීමට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නවතමයෙන් ඉදිකරනු ලැබු මූලස්ථාන සංකීර්ණය සහ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා ද සහභාගිවීමට නියමිතව ඇත. latest Running Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK