Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2018 11:36:38 Hours

නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් සිවිල් වැසියන්ට භාරදීම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ඇරඹෙයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට අයත් ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිල වශයෙන් නිදහස් කරනු ලබන අතර මෙහිදී තවත් ඉඩම් කොටස් හතරකින් සමන්විත ඉඩම් අක්කර 12 ක් සඳහා වූ ඉඩම් සහතික සඳුදා (10) දින ගරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ. පුෂ්පකුමාර මහතා වෙත ත්‍රිකුණාමලයේ පිහිටි අණ්ඩුකාර කාර්යාලයේ දී භාරදෙනු ලැබීය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සහ 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරු විසින් නිදහස් කරන ලද ඉඩම්වලට අදාළ සහතික නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සංකේතාත්මකව භාරදෙන ලදී.

ඒ අනුව, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කල්ලම්පත්තු ප්‍රදේශයේ ඉඩම් අක්කර 5 ක්, සේරුනුවර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සිත්තාරු ප්‍රදේශයේ අක්කර 2 ක්, තොප්පුර් ප්‍රදේශයේ අක්කර 3 ක් සහ මූතුර් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පාඨලීපුරම් ප්‍රදේශයේ අක්කර 2 ක් ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි නැගෙනහිර පළාතේ නිසි ඉඩම් හිමියන්ට ලබාදීමට නිදහස් කරන ලදී.

මෙහිදි මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පැවසුයේ, සිවිල් වැසියන්ගේ මෙම ඉඩම් භෞමික අඛණ්ඩතාවය හා ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කර ඇති බවත් පවතින සාමකාමී වාතාවරණයත් සමඟ ප්‍රදේශයේ සිදුකරන ප්‍රතිසන්ධාන කටයුතු වේගයෙන් වර්ධනය කරගැනීම සඳහා මෙම ඉඩම් මෙලෙස නිදහස් කරන බවත්ය.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංහිඳියා සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සමගාමීව නැගෙනහිර පළාතේ යුධමය වශයෙන් අත්පත් කරගත් ඉඩම් මුදා හැරීමේ යුක්තිසහගත ක්‍රියාමාර්ගය වෙනුවෙන් ගරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා යුද්ධ හමුදාව වෙත සිය ස්තූතිය පුද කළහ. වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් 2017 වර්ෂයේ දී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කරන අතරතුර මෙම ඉඩම් නිදහස් කිරීමේ පළමු අදියර ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට ඉඩම් හිමියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. Running sport media | Men's Footwear