Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2018 13:06:50 Hours

පුහුණු අවසන්ව විසිරයන සැඟවුණු වෙඩික්කරුවන්ට සම්මාන පිරිනැමීමේ උත්සවයක්

දියතලාව, සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලා අංක - 20 යටතේ මාස 8 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරුවන්ගේ විසිරයාමේ පෙළපාලිය සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සඳුදා (10) දින පැවැත්විණි.

බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ සිම්බාබ්වේ යන රටවල් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් 11 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 3 ක් සහ සෙසුනිලයින් 39 ක්, නාවික හමුදා නිලධාරීයෙකු සහ සෙසුනිලයෙකු සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 2 ක් දියතලාවේ පැවැති මෙම පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබීය.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි වූ අතර පාඨමාලාව සාර්ථකව හැදෑරුවන් වෙත සහතිකපත් පිරිනමමීන් ඔවුනට සුභපැතුම් ද පිරිනැමුහ. එහිදි විසිරයන සැඟවුණු වෙඩික්කරුවන් විසින් දර්ශනීය වෙඩි තැබීමේ සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

මෙම උත්සවය සඳහා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජි.එම්.සී.කේ.බී. ඒකනායක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටිහය.Best jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ