Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2018 11:06:20 Hours

කරෙයිනගර් සිවම් කෝවිලේ හින්දු පූජකවරුන් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබු නව නිවාස 6 ක් භාරදෙයි

යාපනය, කරෙයිනගර් සිවම් කෝවිලේ පූජකතුමන්ලාගේ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ රාජ්‍ය බලධාරීන්ගේ ද සහයෝගය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ඉංජිනේරු සේවා බලකායේ සහ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික සහය සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් කෝවිල් පූජකවරුන් සඳහා නව නිවාස 6 ක් ඉදිකරනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබු නව නිවාස ඉරිදා (09) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදි විවෘත කර ඔවුන් වෙත ප්‍රදානය කළහ. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ලබාදුන් අතර ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලබාදුන්හ.

මෙම නිවාස භාරදීමේ උත්සවය සඳහා යාපනය නාගරික කොමසාරිස්, රජයේ නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.url clone | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov