Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2018 11:10:57 Hours

62 වන සේනාංකයේ මූලිකත්වයෙන් වැලිඔය ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන්ට රෝදපුටු 50 ක් ප්‍රදානය කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ මූලිකත්වයෙන් වැලිඔය, පදවිය, ශ්‍රීපුර, පුල්මුඩේ සහ මරතෝඩෙයි ප්‍රදේශයන්හි ආබාධිත සිවිල් වැසියන් 50 දෙනෙකු වෙත රෝදපුටු 50 ක් ඉරිදා (09) දින නිමල් ගුණතිලක මහතා, ඔහුගේ පුත් ජගත් දේශප්‍රිය මහතා සහ ඔවුන්ගේ මිතුරන් කණ්ඩායමේ අනුග්‍රහය ඇතිව බෙදාදුන්හ.

මෙම ප්‍රතිලාභීන් සිංහල, දමිළ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය වන පරිදි රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ආදාළ බලධාරීන් විසින් තෝරාගනු ලැබීය. මෙම රෝදපුටු බෙදාදීමේ උත්සවය අලිවංඟුව විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැති අතර මෙම උත්සවය සඳහා පූජකවරුන්, පරිත්‍යාගශීලින්, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ, රාජ්‍ය නිලධාරීන්, 621 වන බලසේනාවේ බලසේනාධිපති, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම පරිත්‍යාගය 62 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ධානපති නිමල් ගුණතිලක මහතා විසින් සිදුකරනු ලැබීය.best Running shoes brand | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify