Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

බෙරව්වෙර්ට්ස් විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා යුද්ධ හමුදාවෙන් නායකත්ව පුහුණුවක්

මහනුවර අමිපිටිය බෙරව්වෙර්ට්ස් විද්‍යාලය වෙතින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කළ ඉල්ලිමකට අනුව එම පාසලේ සිසු සිසුවියන් 64 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා රයිෆල් බළකා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදේස් මත බදාදා (28) දින දවස පුරා පවත්වනු ලැබීය.

මෙම නායකත්ව පුහුණු වැඩ සටහන තුලින් සිසු සිසුවියන් තුළ ධනාත්මක චින්තනය, සමාජ විනය, නිපුණතා සංවර්ධනය, මානසික සංහිඳියාව හා ස්ථාවරත්වය වෘත්තීයමය මග පෙන්වීම තුළින් අභියෝගයන් සඳහා නිවැරදිව මුහුණ දියයුතු ආකාරය පිළිබඳව දැනුමක් ලබාදෙනු ලැබීය.

111 වන බලසේනාවේ ප්‍රධාන ආරක්‍ෂ නිලධාරි කර්නල් ජී. ඩබ්. ඊ. කේ. ගනේගොඩ ගේ මගපෙන්විම මත යුද්ධ හමුදා සරඹ උපදේශකයින් සහා ශාරීරික අභ්‍යාස උපදේශකයින් විසින් මෙම පුහුණු වැඩ සටහන මෙහෙයවනු ලැබීය. Authentic Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ