Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මැදිරිගිරියේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් විශ්‍රාමික මේජර් අරුණ පෙරේරා සහ ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහකත්වය ඇතිව මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ සහ බෙබියාව ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් උපකරණ ඇතුලත් තෑගි පාර්සල් තොගයක් සිකුරාදා (30) දින මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ පැවැති උත්සවයකදී බෙදාදෙනු ලැබීය.

මෙම වැඩසටහන අඩු වරප්‍රසාදලාභී පාසල්වල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය දැක්වීමේ අරමුණින් සිවිල් - යුද්ධ හමුදා ප්‍රජා සුභසාධන වැඩසටහනක් ලෙස පවත්වනු ලබයි.

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 234 දෙනෙකු සඳහා රුපියල් 300,000.00 ක පමණ වටිනාකමින් යුතු පුස්තකාල පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් මෙම ව්‍යාපෘතිය යටතේ බෙදාදුන්හ.

තවද මෙම වැඩසටහනට සමගාමීව පාසල් සිසුන්ට සහ ප්‍රදේශවාසින්ට වෛද්‍ය සායනකයක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, වෛද්‍ය සුජිව හෙට්ටිආරච්චි, වෛද්‍ය සුපුන් කලවිටගල සහ වෛද්‍ය ගයාන් වීරකෝන් ගේ සහයෝගය ඇතිව 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය නිලධාරී ලුතිනන් උෂාන් ආරියවංශ විසින් පවත්වනු ලැබු මෙම වෛද්‍ය සායනයේ දී පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශවාසින් 379 ක් පමණ ප්‍රතිකාර ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු පිළිබඳ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරී කර්නල් තිලක් රණසිංහ, කර්නල් නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස කර්නල් ජනක විමලරත්න, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් සුදත් සමරකෝන්, විශ්‍රාමික මේජර් අරුණ පෙරේරා ඇතුළු ඔහුගේ මිතුරන් සහ පවුල්වල සාමාජිකයින්, පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ. Nike air jordan Sneakers | Men's Sneakers