Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 18:37:46 Hours

රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරුභවතුන්ට යුද්ධ හමුදා නායකත්ව පුහුණුවක්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ඌව කුඩාඔය පිහිටි කමාන්ඩෝ පුහුණු පාසලේ නිලධාරීන් විසින් ගුරුභවතුන්ගේ ‘නායකත්ව හැකියාවන් හා ධනාත්මක ආකල්ප’ වර්ධනය කිරීමේ අරමුණින් දෙදින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් මස 1 දින සිට 3 දින දක්වා ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව ගුරුභවතුන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, සමාජ සාරධර්ම සහ විනය හැඩ ගැස්සවීම, නිපුණතා සංවර්ධනය කිරීම, අභියෝග ජයගැනිමට අවශ්‍ය මානසික ශක්තිය ඇති කිරීම, නිවැරදි සමාජ අපේක්‍ෂාවන් ජනිත කිරීම, වෘත්තිය මාර්ගෝපදේශනය ලබාදීම සහ මානසික සමතුලිතතාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් දෙදිනක් පුරා පවත්නු ලැබු අතර මේ සඳහා ගුරුවරුන් 28 ක් සහ ගුරුවරියන් 40 ක් සහභාගි වූහ. Asics shoes | adidas poccnr jumper dress pants size