Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 16:46:32 Hours

නේපාලයේ දී යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින්ට රන් සහ ලෝකඩ පදක්කම්

නේපාලයේ, කත්මන්ඩු නුවරදී නොවැම්බර් මස 22 දින සිට 26 දින දක්වා පැවැති දකුණු ආසියාතික කායවර්ධන තරඟාවලිය - 2018 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමූදාව නියෝජනය කරමින් සහභාගිවූ සාමාන්‍ය සෙබල වි.එෆ්.ආර්.ඩි. රාජ් කුමාර සහ කෝප්‍රල් ජි.ජි.ජි.එන් වික්‍රමසිංහ රන් පදක්කමක් (කිලෝග්‍රෑම් 60) සහ ලෝකඩ පදකමක් (කිලෝග්‍රෑම් 65) දිනාගැනීමට සමත්විය.

මෙම තරඟාවලිය නේපාල කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනය (Nepal Federation of Bodybuilding and Fitness) විසින් පවත්වනු ලැබු අතර දින හතරක් පුරා පැවැති තරඟාවලිය සඳහා 60, 65, 70, 75, 80 සහ 85 කිලෝග්‍රෑම් බර පන්ති යටතේ නේපාල, ඉන්දියා, බංගලාදේශ, භූතාන්, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූහ. තවද තරඟාවලිය සඳහා සඳහා සහභාගිවූ ක්‍රීඩිකාවන් ඛාණ්ඩ 8 ක් යටතේ තරඟ වැදුණි.

යුද්ධ හමුදා කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිම් කමිටුව යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ජයග්‍රහකයින් ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමට ඇතුලත් කිරීම සඳහා නිර්දේශ කරනු ලැබීය. best shoes | nike air force 1 shadow , eBay