Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 18:44:53 Hours

ස්විට්සර්ලන්ත තානාපතිතුමන් යුද්ධ හමුදාධිපති හමුවේ

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ගරු හෑන්ස්පීටර් මොක් (HE Hanspeter Mock) බදාදා (5) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි සංචාරක ස්විට්සර්ලන්ත තානාපතිතුමන්ව, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. තානාපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකල ප්‍රථම නිල සංචාරය මෙය වන අතර එහිදි ද්විපාර්ශවීය සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ස්විට්සර්ලන්ත තානාපතිතුමන් වෙත සුහදත්වය සංකේතවත් කරමින් සමරුතිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

මෙම සුහද හමුව සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් කිරිස්ටෝෆ් ගර්ට්ස් (Colonel Christof Gertsch) ද සහභාගී විය. තානාපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර සමරු සටහන් පොතේහිද සටහනක් තැබීය. buy shoes | Jordan Shoes Sale UK