Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2018 16:22:03 Hours

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වලාවිල්කුලම් වැව ගොවීන්ගේ පරිහරණය සඳහා නිල වශයෙන් ලබාදේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ගේ ශ්‍රමදායකත්වයෙන් හා යන්ත්‍රෝපකරණ වල සහයද ඇතිව යාපනය ප්‍රදේශයේ වඩුක්කොඩ්ඩෙයි ගම්මානයේ ඇති වලාවිල්කුලම් වැව ප්‍රතිසංස්කරණය කරණ ලදි.

වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ ජීවත්වන ගොවීන්ගේ සහ ප්‍රදේශවාසින්ගේ කෘෂිකාර්මික මෙන්ම අනෙකුත් ජල අවශ්‍යතාවයන් වලාවිල්කුලම් වැව මගින් ඉටුකර ගන්නා ලද අතර වැව ගොඩවීම හේතුකොටගෙන වියළි දේශගුණික කාලවලදි ජලය රඳවා තබා ගැනීම ප්‍රදේශවාසීන්ට විශාල ප්‍රශ්ණයක්ව පැවතුණි.

යාපනයේ ‘මිතුරන්ගේ සංගමයේ’ සභාපති ආචාර්ය සිදම්බරන් මොහාන් සහ වඩුක්කොඩ්ඩෙයි නිරිත, ගොවි සංවිධානය එක්ව මෙම ජලාශය අළුත්වැඩියා කටයුතු ආරම්භ කල අතර, එහි ප්‍රතිසංස්කරණය කටයුතු කඩිනමින් සිදුකර ගැනිම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ගෙන් සහය ඉල්ලා සිටි අවස්ථාවේ ආඥාපතිතුමන් විසින් මෙම කටයුත්ත අවසන් කිරිම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයද ඒ සඳහා අවශ්‍ය ඉදිරි උපදෙස් ද ලබාදුන්හ.

ඒ අනුව මෝසම් වැසි කාළය ආරම්භ වීමට පෙර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය සහ යන්ත්‍රෝපකරණ වල සහයද සමඟ ගම්වාසින් සහ ගොවීන් එක්ව ඉදිරි වැසි කාලය තුළ ජලය වැඩි වශයෙන් එකතු කර ගැනීමට හැකි වන පරිදි සති කීපයක් තුළදී මෙම ජලාශයේ අලුත්වැඩියා කටයුතු නිම කරණ ලදි.

යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සාල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රරන් මහතා හා එක්ව ප්‍රතිසංස්කරණය කල ජලාශය, හින්දු චාරිත්‍රානුකුලව ඉරිදා (2) දින සුභ නැකතින් ජනතාවගේ පරිහරණයට ලබාදුනි. මෙම අවස්ථාව සඳහා බෞද්ධ හා හින්දු ආගමික පුජකවරුන්, දිස්ත්‍රීක් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි නිලධාරීන්, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, අණදෙන නිළධාරීන් සහ මෙම කාර්යය අවසන් කිරිමට සහය දුන් යුද්ධ හමුදා නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින්, රජ්‍ය නිලධාරීන්, සිවිල් වැසියන් හා ගොවි මහතුන් රැසක් එක්ව සිටියහ. Buy Kicks | Klær Nike