Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2018 12:42:03 Hours

මියගිය විශ්‍රාමික බළලත් නිලධාරි හට යාපනයේදි පූර්ණ හමුදා ගෞරව

විශ්‍රාමික බළලත් නිලධාරි II එස්. සරවනමුත්තු යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය සිකුරාදා (30) දින අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා 4 වන කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් එම බළලත් නිලධාරීගේ අවසන් කටයුතු ඉරිදා (2) දින කොත්තියලඩි හින්දු සුසාන භූමියේදි පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.

1958 අගෝස්තු මස 4 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වී, 3 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්තව සේවය කරමින් රටෙහි භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත විශ්‍රාමික බළලත් නිලධාරි II එස්. සරවනමුත්තු වසර 23 ක යුද්ධ හමුදා සේවා කාලය නිමාවෙන් පසු විශ්‍රාම යන ලදී.

ඔහුගේ නොකැලැල් සේවය අගයමින් ශ්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කම, යුද්ධ හමුදා 25 වන සංවත්සර පදක්කම, යුද්ධ හමුදා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ජනාධිපති පදවිප්‍රාප්ති පදක්කම් යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

විශ්‍රාමික බළලත් නිලධාරි II එස්. සරවනමුත්තු ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිළධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් හා ඔහුගේ පවුලේ ඥාතීන් රැසක් අවසන් කටයුතු සිදුකල පොදු සුසාන භූමිය වෙත එක්ව සිටියහ. Sportswear free shipping | Air Jordan 1 Mid - Collection - Sb-roscoff