Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2018 22:53:40 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලක් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරිම

වන්නී ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි ඇටඹගස්කඩ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 71 දෙනෙකු සඳහා පාසල් බෑග්, පාවහන් සහ පාසල් උපකරණ තොගයක් කොළඹ රාජා ජුවලරි ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව බදාදා (26) දින පරිත්‍යාග කරනු ලැබීය.

වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි මෙම දුෂ්කර පාසලේ ඉගෙනුම ලබන දිලිදු පවුල්වල සිසු දරු දැරියන් 56 වන සේනාංකයේ නිලධාරින් හා එම පාසලේ ගුරුවරුන් සමඟ එක්ව මෙම පරිත්‍යාගයන් බෙදාදීම සඳහා තෝරාගනු ලැබීය.

563 වන බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.පි එදිරිසිංහ සහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි කර්නල් පී.ඒ.එම් පීරිස් මෙන්ම ඇටඹගස්කඩ විද්‍යාලයේ විදුහල්පති එස්. ප්‍රේමසිරි මහතා ඇතුළු විද්‍යාලයීය කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම පරිත්‍යාගශීලී වැඩසටහන සඳහා එක්ව සිටියහ.url clone | Nike Shoes