Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2018 22:37:38 Hours

මුලතිව් ප්‍රදේශයේ භටපිරිස් සඳහා වනජීවී හා ජෛව විද්‍යාව පිළිබද අධ්‍යාපන වැඩසටහනක්

'වනජීවී හා ජෛව විවිධත්වය' පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් වව්නියාවේ වනජීවී කාර්යාලය සමඟ ඒකාබද්ධව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 135 කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වූ අතර, එහිදි වනජීවී පනත, වන රක්‍ෂිතය හා ජෛව විවිධත්වය පිළිබඳ සම්පූර්ණ දැනුමක් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ලබා දෙනු ලැබීය.

වව්නියා වනජීවී කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ වික්‍රමසිංහ ඒ සරත් මහතා විසින් මෙම දේශණය මෙහෙය වනු ලැබීය. jordan Sneakers | Nike