Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2018 13:21:03 Hours

57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චියේ දිරිය මවක් වෙත නව නිවසක් ඉදිකරදෙයි

57 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් හි තාක්‍ෂණික සහාය සහ මුල්‍යමය දායකත්වය ඇතිව ස්වේච්ඡාවෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි ත්‍රස්තවාදි තර්ජන හමුවේ ඉතා දුෂ්කර ජිවිතයක් ගත කළ සිංහල කාන්තාවක් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදි.

වයස අවුරුදු හැත්තෑවක් වන හේමලතා මහත්මිය දැරණියගල, කිරිහේන පදිංචිකාරියක වන අතර, ඇය 1979 වර්ෂයේ සිට ඇගේ සැමියාත් සමඟ II ක්‍රිෂ්ණපුරම් ගම්මානයේ ජිවත් වන ලදි. කිලිනොච්චි ප්‍රදේශයේ ත්‍රස්තවාදය ඉතා දරුණු මට්ටමක පවතින කාලයේ ඇගේ දරුවන් දෙමාපියන්ගේ රැකවරණය මත නවතා II ක්‍රිෂ්ණපුරම් ගම්මානයේ පොල්අතු පැලක තම ස්වාමි පුරුෂයා සමඟ ඉතා දුෂ්කර ජිවිකාවක් ගත කර තිබේ. පැවති යුදමය තත්ත්වය හේතුවෙන් 1996 වසරේ සිට අවුරුදු හතරක් පුරාවට අනාත කඳවුරක ජීවත්ව ඇති ඇය ප්‍රදේශයේ දමිළ මිනිසුන් සමඟ ඉතා සමීපව හා සාමකාමීව කිලිනොච්චි ප්‍රදේශයේ එළවළු වෙළදාම් කරමින් ජිවත්ව තිබේ.

2009 වර්ෂයේ යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි මුදාගැනීමත් සමඟම නැවතත් ඇය සහ ඇගේ සැමියා අංක II ක්‍රිෂ්ණපුරම් ග්‍රාම සේවා වසමේ පදිංචියට පැමිණ ඉතා කුඩා පොල් අතු පැලක ජිවන රටාව ගෙනයන බව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අවධානයට යොමුවිය.

ඒ අනුව, 571 බලසේනාවේ බලසේනාධිපතිගේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ධනංජය උඩපමුණුව ගේ මඟපෙන්වීම යටතේ 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස්හි ඉංජිනේරු සහ තාක්‍ෂණික සහයෝගය ඇතිව 2018 ජුලි මස 15 වන දින මෙම දිලිඳු පවුල සඳහා නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

අවුරුදු 40 ක් පමණ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදී ජිවත්වූ හේමලතා මහත්මිය සහ ඇගේ සැමියා වෙත 2018 නොවැම්බර් මස 18 වන ඉරිදා දින සුභ මොහොතින් ඉදිකරන ලද නව නිවස භාරදුන් අතර, මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් රවිප්‍රිය, 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, අනෙකුත් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ද එක්ව සිටියහ. Sports Shoes | Sneakers Nike