Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2018 12:45:51 Hours

යුද්ධ හමුදා රග්බි කණ්ඩායමට පළමුවටයේ ජය

ඩයලෝග් ‘ඒ’ කාණ්ඩ අන්තර් සමාජ රග්බී තරඟාවලියේ පළමු වටයේ තරඟයක් යුද්ධ හමුදා රග්බී කණ්ඩායම සහ ගුවන් හමුදා රග්බී කණ්ඩායම සමඟ ඉරිදා (18) දින ගුවන් හමුදා ක්‍රීඩාපිටියේදී පැවති අතර එහිදි ලකුණු 29 - 21 ලෙස ගුවන් හමුදා රග්බී කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා රග්බී කණ්ඩායම සමත්විය.

අර්ධ අවසන් පූර්ව තරඟයේදී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ලකුණු 14 - 19 ලෙස ජයගත් අතර එහිදි යුද්ධ හමුදා රග්බී කණ්ඩායම හා ගුවන් හමුදා රග්බී කණ්ඩායම තියුණු තරඟයක නිරතවෙමින් කැපීපෙනෙන දස්කම් දක්වනු ලැබීය.

යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගේ තියුණු ප්‍රහාර සහ නිවැරදි උපක්‍රමශීලි ක්‍රමෝපායන් උපයෝගි කරගනීමින් තරඟය ජයග්‍රහණය හිමිකරගත් අතර අවසන් තරඟය සඳහා ද සුදුසුකම් ලැබීය.short url link | Nike Air Max 270