Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2018 23:20:10 Hours

‘විශේෂ පාබල ක්‍රියාන්විත - සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව හැදෑරුවන් යාපනය වාසවිලාන් හිදී විසිරයයි

‘විශේෂ පාබල ක්‍රියාන්විත - සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව හැදෑරු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු යාපනය, වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ දී සිකුරාදා (16) දින විසිරයනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ප්‍රථමවරට යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාවක් පැවැති අතර පාඨමාලාව ඔක්තෝම්බර් මස 09 වන දින සිට නොවැම්බර් මස 16 දින දක්වා පැවැත්විණි. පාඨමාලාව සඳහා 52, 57, 65 සහ 66 වන සේනාංක මෙන්ම 512 සහ 513 වන බලසේනා නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි වූහ.

මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරුවන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූහ. පාඨමාලාවේ දක්‍ෂතම සෙබලා ලෙස 11 වන ගජබා රෙජිමේන්තුවේ කපිතන් රුක්මාල් කුමාර තේරීපත්වූ අතර දක්‍ෂතම වෙඩික්කරු ලෙස 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ඒ.ආර්. සුරංග තේරීපත්විය. තවද පාඨමාලාවේ දක්‍ෂතම ඛණ්ඩය ලෙස 65 වන සේනාංක කණ්ඩායම තේරීපත්විය. මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය නැරඹිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.affiliate link trace | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C