Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2018 07:55:14 Hours

24 වන සේනාංකයේ රුධිර පරිත්‍යාග වැඩසටහන යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන්

අම්පාර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, මහඔය සහ කල්මුණේ රෝහල්හී පිහිටි ලේ බැංකුවල රුධිර හිඟතාවය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් සිකුරාදා (16) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් එම සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 24 වන සේනාංකයේ 5 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබීය.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන අම්පාර ලේ බැංකුවේ රුධිර පාරවිලයන සේවා ඒකකයේ වෛද්‍ය හංස රත්නායකගේ උපදෙස් සහ සහයෝගය ඇතිව දියත් කරනු ලැබීය.

වාර්තාගත ලෙස මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී නැගෙනහිර පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට අධික ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව රුධිරය පරිත්‍යාග කරනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අම්පාර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, මහඔය සහ කල්මුණේ රෝහල්හී පිහිටි ලේ බැංකුවල වෛද්‍ය නිලධාරින් 6 ක් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 44 කගේ සහයෝගය හිමිවිය.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති, 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුමින්ද රණසිංහ, 241 වන බලසේනාවේ බලසේනාධිපති විපුල චන්ද්‍රසිරි, 24 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි කර්නල් දීපාල් හතුරුසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස නික්මයන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වූහ.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වන සේනාංකය විසින් අඛණ්ඩව තුන්වන වරට පවත්වනු ලබයි. යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පොලොන්නරුව සහ අම්පාර රෝහල්හි වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සියලුම රුධිර පරිත්‍යාගශීලින් වෙත ආහාරපාන වලින් ද සංග්‍රහ කරනු ලැබීය.

මෙම රුධිර පරිත්‍යාගය සඳහා අම්පාර දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශයන්හි මුස්ලිම් සහ දමිළ රුධිර පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ද හිමිවිය. short url link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ