Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2018 14:01:10 Hours

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ ලෝකඩ පදක්කමක් දිනාගත් යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා පැසසුමට

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ ලෝකඩ පදක්කමක් හිමිකරගත් මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක සැරයන් එම්.වී.අයි.ආර්.එස්. බණ්ඩාර ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් 16 වන ඉංජිනේරු සේවා බලකායේ සහයෝගය ඇතිව නව නිවසක් ඉදිකරදීමට පියවරගනු ලැබීය.

ලෝකඩ පදක්කම්ලාභි සැරයන් බණ්ඩාර සිකුරාදා (16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර එහිදි සැරයන් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නව නිවසක ඇති අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුකර නිවසක් ඉදිකරගැනීමට අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදෙන ලදී.

සැරයන් බණ්ඩාර ඕස්ට්‍රේලියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ ලද ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය උණුසුම් සුභ පැතුම් ද මෙහිදි පිරිනමනු ලැබීය.

ඒ අනුව, සැරයන් බණ්ඩාර වෙත නව නිවස ඉදිකිරීමේ කටයුතු යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත 16 වන ඉංජිනේරු සේවා බලකාය විසින් සිදුකිරීමට නියමිතය.

ඉංජිනේරු සේවා බලකායේ සහයෝගය ඇතිව ඉදිකිරීමට නියමිත මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 1.5 ක මුදලක් වෙන් කරනු ලැබීය. මෙම සුහද හමුව අවසානයේ, සැරයන් බණ්ඩාර තමාට දක්වනු ලබන සහයෝගය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තුතිය පුද කළහ.

මෙම සුහද හමුව සඳහා ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ රණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එච්. වඩුගොඩපිටිය සහභාගි වූහ. Adidas shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ