Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2018 18:59:43 Hours

ඒකක අණදෙන නිලධාරි පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් යුද්ධ හමුදාධිපති සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හමුවේ

බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලා අංක - 02 යටතේ පුහුණුව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පාඨමාලාවේ එක් අදියරක් ලෙස ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (15) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් හමුවිය.

එහිදි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මෙම පාඨමාලාව හදාරණු ලබන ශිෂ්‍ය නිලධාරින් 20 දෙනා සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා එම නිලධාරීන් පාඨමාලව තුල දී ලබාගත් දැනුම පිළිබඳ විමසනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන සහ ප්‍රධාන උපදේශක කර්නල් කපිල දොලගේ ද සහභාගි වූහ. Sport media | Buy online Sneaker for Men