Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2018 17:22:20 Hours

විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සැපයුම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා ඉහළ විනිවිදභාවයකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මූලිකත්වයෙන් 2019 වර්ෂය සඳහා අවශ්‍ය උපකරණ සහ ඇඳුම් පැළඳුම් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ඉතා උසස් මට්ටමකින් යුත් නිෂ්පාදන ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම වැඩමුළුව, ලියාපදිංචි වූ සැපයුම්කරුවන් සඳහා කාණ්ඩ තුනක් යටතේ (නොවැම්බර් 16, දෙසැම්බර් 7 සහ දෙසැම්බර් 30) යන දිනයන්හි යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් යුධෝපකරණගේ අධීක්‍ෂණය යටතේ උපකරණ මාස්ටර් ජෙනරාල්ගේ සම්බන්ධතාවයෙන් මෙන්ම යුද්ධ හමුදාවේ ප්‍රසම්පාදන අංශවල අදාළ නිලධාරීන් කණ්ඩායම් සමඟ සහයෝගීතාවයෙන් පැවැත්වීමට කටයුතු කර ඇත.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සැපයුම්කරුවන්ට මුහුණපෑමට සිදුවන අසීරුතාවයන් අවම කරගැනිමේ අරමුණින් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව හා නිරවද්‍යතාවයෙන් සිදුකිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වනු ලබයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමට නියමිතය. latest jordan Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth