Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2018 23:00:11 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් නැඳුන්කේනී වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් නැඳුන්කේනී වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළගොස් වැව් බැම්මෙන් ජලය කාන්ඳුවීම පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මත වූ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිකුරාදා (09) දින සන්ධ්‍යාවේ පැය කිහිපයක් තුල වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

පසුදින, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් බැම්ම පරීක්‍ෂා කර යුද්ධ හමුදා සාමාජිකයින් ඇතිවූ ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කළහ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න ගේ මඟපෙන්වීම යටතේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා පියවර ගනු ලැබීය. ඒ අනුව, 611 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය මඟහරවා ගැනීම සඳහා කටයුතු කරනු ලැබීය. Sportswear free shipping | Ανδρικά Nike