Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2018 00:00:23 Hours

64 වන සේනාංකයේ භට පිරිස් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය මඟහරවා ගැනීමේ මෙහෙයුමක

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු ධාරිණීපාත වර්ෂාපතනය හේතුවෙන් සින්නසලම්බාන්කුලම් වැවේ වැව් බැම්ම බිඳියාමේ අවධානමක් පවතින බව සැලවූ වහාම බ්‍රහස්පතින්දා (08) දින රාත්‍රියේ යුහුසුළුව ක්‍රියාත්මක වූ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.

ඇඳහැළෙණ වර්ෂාපතනය හේතුවෙන් වැවේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් ප්‍රදේශයට සිදුවිය හැකි විශාල හානියක් වලක්වාගැනීම සඳහා 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 60 කට අධික පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරීමට සමත්විය. මේ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් හට ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ලබාදෙනු ලැබීය.

මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්ෂණය යටතේ ඇතිවු ආපදා තත්ත්වය මඟහරවා ගැනීම සඳහා එම ඒකකයේ අණදෙන නිලධාරි ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරනු ලැබීය.jordan Sneakers | Air Jordan