Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2018 12:49:48 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් 97 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සරත් චන්ද්‍රසේකර මහතා සහ සුමන විජේරත්න මහත්මියගේ අනුග්‍රහකත්වය ඇතිව අමිතියපුරම් සහ ආරෝග්‍යපුරම් පෙර පාසල්හි අධ්‍යාපනය හදාරණු ලබන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 97 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද විසින් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව මෙම පරිත්‍යාග වැඩසටහන දියත් කරනු ලැබීය.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 652 වන බලසේනාවේ බලසේනාධිපති සහභාගි විය. එහිදි පෙර පාසල් ළමුන් සඳහා පාසල් බෑග්, වැහිකබා සහ ඇඳුම් පැළඳුම් බෙදාදෙනු ලැබීය. affiliate link trace | Autres