Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2018 11:34:43 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත නොවැම්බර් මස 6 සහ 7 දිනයන්හි නැගෙනහිර වම්මිවට්ටුවාන්, රිදීතැන්න, කිරාන්, පුලිපන්චිකල් සහ පූනානි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතට පත්වු සිවිල් ජනතාව මුදාගැනීම සඳහා සහන මෙහෙයුම් දියත් කරනු ලැබීය.

අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ සැලවූ වහාම 233 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යුහුසුළුව ක්‍රියාත්මක වී වම්මිවට්ටුවාන් ප්‍රදේශයේ අවතැන්වූ ජනාතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කල අතර අඟහරුවාදා (6) වන දින රිදීතැන්න ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් විපතට පත්වූ පිරිසක් මුදවා ගැනිම සදහා බෝට්ටු කිහිපයක් අදාල ස්ථානයන් වෙත යොමුකර ඔවුන්ද මුදවාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. තවද ගංවතුරෙන් පීඩාවට පත් වු ජනතාව වෙත පිසු ආහාර පාර්සල් ඇතුළු අනෙකුත් අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලබාදෙනු ලබයි.

තවද 12 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් බෝට්ටු යොදාගනීමින් කිරාන්, පුලිපංචිකුලම්, ප්‍රදේශවල ජනතාවට ගමනාගමන පහසුකම් සැපයු අතර එහිදි ගර්භනී කාන්තාවන්, ආබාධිත පුද්ගලයින්, වැඩිහිටි පිරිස හා කුඩා දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ 7 වන ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පුනානී දුම්රිය ස්ථාන ප්‍රදේශයට ගොස් එහි සේවකයින් සමඟ එක්ව දුම්රිය මාර්ගයේ ගංවතුරින් හානියට පත් වූ ස්ථානයන් යථාතත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය. තවද පවතින අයහපත් කාලගුණයත් සමඟ පුනානි වැවේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.

23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කපිල උදළුපොල, 7 වන ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් ගංවතුර හානි සිදු වු ස්ථානයන් වෙත ගොස් නිරීක්‍ෂණය කළ අතර, ඇතිවූ ව්‍යසන තත්ත්වයට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් මෙහෙයවනු ලැබීය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ අධීක්ෂණය යටතේ 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 233 වන බලසේනාවේ බලසේනාධිපති හා ඒකක අණදෙන නිලධාරීන් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය. buy shoes | Women's Nike Superrep