Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2018 12:20:31 Hours

සමාජය තුල සිනමාවේ ඇති බලපෑම පිළිබඳ යුද්ධ හමුදා සංඥා බලකායේ නිලධාරින් දැනුවත් කෙරේ

පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේ දී සඳුදා (05) වන දින යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනය පිළිගෙන පැමිණි මහාචාර්ය විමල් දිසානායක මහතා ‘චිත්‍රපටය සහ සාමාජයේ සමීපතාව’ යන තේමාව ඔස්සේ ඉතා හරවත් දේශනයක් පවත්වනු ලැබීය.

මෙම සැසියේ දී සහභාගි වූවන්ට ඉතා හරවත් දේශනයකට සවන්දීමට හැකිවූ අතර එහිදි ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ගැටළු විසදාගැනීමට ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීම තුලින් ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනීමට ද මෙහිදි අවස්ථාව හිමිවිය. මෙම දේශන සැසිය සඳහා යුද්ධ හමුදා සංඥා බලකායේ සේවයේ නියුතු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් 80 ක් පමණ ඉතා උද්යෝගිමත්ව සහාභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම සංඥා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් මහාචාර්යවරයා සිදුකළ දේශණය අගයමින් ඔහු වෙත සිහිවටන සංකේතයක් වශයෙන් සමරු ඵලකයක් පිලිගන්වනු ලැබීය. Sports News | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!